රාජගිරියේදී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට බරපතල තුවාල ලක්කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක හා වැලිකඩ පොලීසියේ එවක හිටපු ස්ථානාධිපතිවරයාට අධි චෝදනා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම අනතුරුට අදාළ නඩුව අද (24දා) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.