චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද සවස කටුනායක ගුවන් තොටුපළට චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණියේය.
මෙයින් පළමු ගුවන් යානය සවස 5.54 ට චීනයේ කුංමිං සිට පැමිණි එම්.යූ.- 713 දරන ගුවන් යානයයි. අනෙක් ගුවන් යානය සවස 6.34 ට චීනයේ ෂැංහයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි එම්.යූ.- 231 දරණ ගුවන් යානයයි.
මෙම ගුවන් යානා දෙකම චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන් යානා වේ. මෙසේ පැමිණි සිසුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වූ බවත් , ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් කරා ගිය බවත් වෛද්‍ය චන්දික මහතා වැඩිදුරටත් පැවසීය.