කොළඹ සිට මුම්බායි බලා ගමන් කිරිමට නියමිතව තිබු ගුවන් යානයක් තුළ බීමත්ව කලහකාරිව හැසිරුණු 54 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු වන ජුම්මා අහමඩ් යන පුද්ගලයෙක් අද (16දා) කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය ජාතිකයා ගුවන් යානයේ සේවක මණ්ඩලය විසින් පොලිසියට භාරදි ඇති අතර ගුවන් තොටුපල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන බව පොලිස් මූලස්ථානය පවසයි.