අලි මිනිස් ගැටුම හේතුවෙන් නැගෙනහිර වනජීවී කලාපයේ ගල්ඔය වන උද්‍යානයේ වල් අලින් හතළිහක් පමණ පසුගිය වසරේදී විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිය ගොස් තිබෙන බව අම්පාර වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර සදහන් කළේය
2014 ජනවාරි මාසය අවසාන වන විට අලින් දහදෙනෙකු පමණ මියගොස් ඇත. හක්කපටස් සහ වෙඩි තැබීම හේතුවෙන් මෙම අලින් මිය යෑමට හේතුව වී ඇති බවද බව පශු වෛද්‍යවරයා කීය.