භාණ්ඩ මිලදි ගැනිම සදහා ජනතාව වැඩි වශයෙන් පැමිණෙන ගාල්ල නගරය හා ඒ අවට පිහිටි ලක් සතොස හා සුපිරි වෙළඳසැල් ඉදිරිපිට පාසලකුණු කිරිමේ වැඩසටහනක් අද (27) ආරම්භ කරනු ලැබිය.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැලැක්විමේ අරමුණින් ජනතාව අතර දුරස්ථභාවය තබා ගැනිම සදහා මෙකි පාසලකුණු කිරිමේ වැඩසටහන ආරම්භ කොට ඇත. ගාල්ල වරාය පොලිස් බල ප්‍රදේශයට අයත් මාගල්ලේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට අද (27) පාසලකුණු සටහන් කිරිම ආරම්භ කරනු ලැබිය.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝහාන් ද සිල්වා මහතාගේ අදහසකට අනුව මෙකි වැඩසටහන ක්‍රියාත්මක වන අතර .මේ සදහා පුද්ගලික තින්ත සමාගමක අනුග්‍රහය හිමිවි ඇත. මාගාල්ලේ පිහිටි සුපිරි වෙළඳසැල ඉදිරිපිට පාසලකුණු කිරිමේ අවස්ථාවට ගාල්ල කොට්ඨාසභාර පොලිස් අධිකාරි විකුම් ගිණිගේ හා වරාය පොලිස් ස්ථානාධිපති දුමින්ද කුමාර යන මහත්වරුන්ද එක්ව සිටියහ.