ග්‍රාම නිලධාරී සේවාවේ පවතින පුරප්පාඩු එක්දහස් හයසිය හැටහතක ප්‍රමාණය සම්පූර්ණ නොකිරීම නිසා ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී රාජකාරියේ නිරත ග්‍රාම නිලධාරීන්ට විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණදීමට සිදුවන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සඳහන් කරයි.
පරිපාලන ග්‍රාම නිලධාරී තනතුරු තුන්සිය තිස්දෙකෙන් තනතුරු එකසියතිහක් පුරප්පාඩු වී තිබෙන බවද එම වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.
මීට අමතරව ග්‍රාම නිලධාරීන් දාහතරදහස් විසිදෙකක ප්‍රමාණයෙන් තනතුරු එක්දහස් දෙසිය තිස්හයක් පුරප්පාඩු වී තිබෙන බවද ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම ඇතුළු රාජකාරී කටයුතු රාශියක් ග්‍රාම නිලධාරීවරුන් වෙත පැවරී තිබෙන බවත්, එම කටයුතු පිළිබඳ සොයාබලා අවශ්‍ය උපදෙස්, මගපෙන්වීම සිදුකිරීම පරිපාලන ග්‍රාම නිලධාරීන්ගේ වගකීමක් බවත් වෘත්තීය සමිති සඳහන් කරති.
අපේක්ෂකයන්ගේ ප්‍රමාණය ඉහළ යාම නිසා ඡන්ද විමසීම පැවැත්වීමට විශාල ශාලා සොයාගැනීම ඇතුළු රාජකාරී විශාල ප්‍රමාණයක් මෙවර ග්‍රාම නිලධාරීන්ට පැවරී තිබෙන බවද වෘත්තීය සමිති පෙන්වාදෙයි.
පුරප්පාඩුවලින් යම් ප්‍රමාණයක් සම්පූර්ණ කිරීමට පසුගිය 20 වැනිදා සැලසුම් කර තිබුණද, එයද ව්‍යර්ථ වී ගිය බවද එම සංගම් නියෝජිතයෝ සඳහන් කරති.