ඉදිරි මහ මැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීම ගැන තවමන් අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිපයේ පැරණි ක්‍රියාකාරින් දැනුවත් කිරිම සදහා අද (09) උඩුගම්පළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති රැස්වීමක දී රණතුංග මහතා මේ බව සදහන් කළේය.
“අපි මෙවර මහා මැතිවරණයේ දී තරග කරන්නේ මහින්ද මහත්තයව රටේ අගමැති කරන්න. එදා 2015 දී වුණු වැරැද්ද නිවැරිදි කර ගන්න මේ පාර තමයි අපිට අවස්ථාව හරියටම ලැබෙන්නේ. පසුගිය ජනාධිපතිවරණයේ දී අපි ඡන්දය දුන්නේ මහින්ද මහත්තයා වෙනුවෙන්. නමුත් මේ මහා මැතිවරණයේ දී අපි ඡන්දය දෙන්නේ මහින්ද මහතත්යට.
මහින්ද මහත්තයාව ඉතිහාසයේ වැඩිම ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යවන්න අපිට අවශ්‍යයි. ඒ නිසා ගම්පහෙන් තරග කරන්න එන්න‘යි අපි එතුමාට ආරාධනය කළා. ඒ ආරාධනාව එතුමා තවම පිළිගෙන නෑ. එතුමා ගම්පහින් ආවොත් ඒක අපේ ජයග්‍රහණයක්.”