රටේ වාසනාවට පසුගිය ජනාධිපතිවරණයෙන් රටේ ජනතාව තෝරාගත්තා ජනාධිපති හැටියට පක්ෂ නායකයෙක් නෙමෙයි. ජාතියේ නායකයෙක්. ඒ ජාතියේ නායකයා අද වැඩකරන්නේ පක්ෂ පාට නොබලා. ඒ නායකයා අද වැඩකරන්නේ රටේ ජනතාව තමන්ගේ දරුවන් විදියට හිතලා. නියම නායකයෙක් රටකට ඉන්නවනම කොරෝනා නෙමෙයි ඕනෑම විප්ලවයක් නවත්වන්න පුළුවන් බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
ඔහු මේ බව සදහන් කළේ අම්බලන්තොට වාදුරුප්ප ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ විමල් වීරවංශ මහතා ,
''ගෝඨාභය රාජපක්ෂ කියන්නේ පක්ෂයකට කොටුවෙච්ච නායකයෙක් නෙමෙයි. එතුමා ජාතිය වෙනුවෙන් කැපවෙච්ච නායකයෙක්. ජාතියේ නායකයෙකුට පක්ෂභේදයක් තියෙන්න පුළුවන්ද රුපියල් 5000දෙනකොට පාට පක්ෂ බැලුවද. කොරෝනා ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරද්දී පක්ෂ භේදයක් තිබ්බේ නෑ . මේ තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට බිහිවෙච්ච ජාතියේ නායකයා. මීට කලින් හැමදාම ජනාධිපති උනේ පක්ෂයක නායකයෙක්. දැන් කොළඹ නගරයේ නගරාධිපතිනිය තමයි රෝසි සේනානායක මැතිනිය .එතුමිය කියනවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශිෂ්ට නායකත්වය නොතිබුණානම් කොළඹ නගරය මේ වෙනකොට කොරෝනා වලින් පිරිලා කියලා.
කෙසේ නමුත් පසුගිය ආණ්ඩුව තිබුණානම් එහෙනම් හාමුදුරුවනේ අද කියන්න වෙන්නේ කොරෝනා නැති ගෙදරකින් අබ ඇටයක් අරන් එන්න කියලා තමයි. කොරෝනා වලට ලෝකයේ බෙහෙත් නියම කලේ දේශපාලනඥයෝ දෙන්නයි. එක්කෙනෙක් ඩොනල්ඩ් ට්‍රම්ප් . අනිත් එක්කෙනා ඩොනල්ඩ් සජිත් බවද හෙතෙම කියා සිටියේය
කොරෝනා වලින් කොරවෙච්ච රට තමයි ඇමෙරිකාව බිලියන 40 කට දැන් රස්සා නෑ. ඒ කියන්නේ ලංකාවේ ජනගහනය වගේ දෙගුණයකට. ලංකාවේ ජනතාවට රස්සා නැති උනේ ගෙවුණ මාස 2 කට විතරයි. ඇමෙරිකාව යුරෝපය වගේ රටවල් කොරෝනා වලින් වැළලෙනකොට ලංකාවේ කොරෝනා මරණ අනුපාතය 0.05යි. ඩෙංගු හැදිලා මැරෙනවා ඊට වඩා. රිය අනතුරුවලින් මැරෙනවා ඊට වඩා. එතකොට කොහොමද අපේ සෞඛ්‍ය සේවය. අපේ ජනාධිපති කොරෝනා වලට බෙහෙත් නියමකරන්න ආවද? එතුමා සාකච්ඡා තියන්න ටී.වී එකේ පෙන්න ආවද? සෞඛ්‍ය අංශ කාර්යභාරය සෞඛ්‍ය අංශවලට පැවරුවා. ආරක්ෂක අංශ කාර්ය ආරක්ෂක අංශවලට පැවරුවා. ටී.වී එකේ පේන්න ආවද එන්නේ නෑ . එතකොට අර ඩබල හිටියනම් කොහොමද ?කොරෝනා වලින් ඇමෙරිකාවේ ලක්ෂ ගණන් මැරෙනකොට ලංකාවේ දහස් ගණන් සුවවෙනවා. ඒ මේ ජාතියට උපන් නායකයා නිසා බවද විමල් වීරවංශ මහතා අවධාරණය කළේය