කොළඹ - නුවර ප්‍රධාන මාර්යේ වරකාපොල සිට අඹේපුස්ස දක්වා වූ කොටසේ කාපට් ඇතිරීමට නියමිත බැවින් 2023-01-24 වන දින සිට 2023-02-1 දක්වා කාලය තුළ ඒක් මංතීරුවක් පමණක් වාහන ගමනාගමනය සඳහා විවෘතව තබන බවට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දැනුවත් කර ඇතැයි පොලීසිය පවසයි.
ඒ් අනුව මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල සිට අඹේපුස්ස දක්වා වූ කොටස හරහා ගමන් කිරීමට අපේක්ෂිත රථවාහන රියදුරටන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දන්වා සිටියි.
කොළඹ දෙසට
මහනුවර සිට පැමිණෙන වාහන මාවනැල්ල - රඹුක්කන මාර්ගයේ පැමිණ කුරුණෑගල දක්වා ගමන් කර අධිවේගී මාර්ගයේ හො සාමාන්‍ය මාර්ගය ඔස්සේ මීරිගම හරහා පස්යාල හංදියට පිවිස හෝ කෑගල්ලට පැමිණ පොල්ගහවෙල, අලව්ව, මීරිගය හරහා පස්යාල හංදියට පිවිස කොළඹ දෙසට ගමන් කිරීමට හැකියාව පවතී.
මහනුවර දෙසට
කොළඹ සිට පැමිණෙන වාහන පස්යාල හංදියෙන් මීරිගම හරහා අධිවේගී මාර්ගය හෝ සාමාන්‍ය මාර්ගය ඔස්සේ කුරුණෑගලට පැමිණ මහනුවරට ගමන් කිරීම.