කොළඹ නගර සභා සිමාව තුළ රථ වාහන ගාල් කිරිමට අදාළව ගාස්තු අය කිරීම සඳහා සවිකළ මීටර් වලින් ගාස්තු නොගෙවීමේදී අය කළ දඬ මුදල් අත්හිටුවන බව කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.
අය සිය ට්විටර් ගිණුම හරහා මේ බව ප්රකශ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වන උපදෙස් කොළඹ නාගරික කොමසාරිස්වරයාට දැනුම් දුන් බවද ඇය සඳහන් කරයි. කොළඹ නගර සභාවේ අනුමැතියට යටත්ව මෙම තීරණය ක්රියාත්මක වෙයි.
මෙම රථ ගාල් කිරීමේ මීටර් මගින් අසාධාරණ ලෙස ගාස්තු/දඬ මුදල් අයකරන බවට ජනතාව විවේචන එල්ල කළේය.
වැල්ලවත්තේ මෙවැනි මීටරයක් අසළ නවතා තිබූ වාහනයකට අදාළ රුපියල් 30ක මුදල ගෙවීමට අමතක විම හේතුවෙන් එහි හිමිකරුට රුපියල් 10120ක දඬයක් දින 13කට පසු නියම කිරීමට කොළඹ මහ නගර සභාව කටයුතු කර තිබුණි.