කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අදියර පහක් යටතේ එකවර පටන් ගන්නා බවත්, අධිවේගී මාර්ගයක ඉදිකිරිමේ කටයුතු ස්ථාන පහකනින් ආරම්භ කරන ප්‍රථම අවස්ථාව මෙය බවත් ජනමාධ්‍ය හා ප්රවෘත්ති කටයුතු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී පැවසීය. ඉදිකිරීම් කටයුතු වඩාත් වේගවත්ව සිදුකිරීම සඳහා එසේ ස්ථාන පහකින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.ඒ අනුව එඬේරමුල්ලෙන් ආරම්භ වී ගම්පහ වේයන්ගොඩ, මීරීගම පොතුහැර , කුරුණෑගල ගලේවෙල ඔස්සේ දඹුල්ලට දිවෙන උතුරු අධිවේගී මාර්ගයේ උපමාර්ගයක් ලෙස රඹුක්න ගලගෙදර හරහා ගන්නෝරුව දක්වා මාර්ගය සංවර්ධනය කොට එම අධිවේගී මාර්ගය ඉදිකරන බවද ඇමැතිවරයා එහිදී පැවසීය.