කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කිහිපයක ඩෙංගු වසංගත තත්ත්වයක් මතුවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව දෙහිවල, කොහුවල, කඩුවෙල, කොළොන්නාව, අංගොඩ, මොරටුව, කටුබැද්ද යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල මෙම වසංගත තත්ත්වය ඇතිවීමේ අවදානමක් පවතින බව අමාත්‍යාංශය සඳහන් කරයි.
පසුගිය දින කිහිපය තුළ එම ප්‍රදේශයේ මදුරු ඝනත්වයේ ඉහළයාමක් පෙන්නුම් කරන බව පෙන්වාදෙන සෞඛ්‍ය අමාත්‍යාංශය එහි ප්‍රතිඵලයක් ලෙස ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද පවසයි.