කොරල්පරවල ජීවී ගුණයට හානිදායක පසැඟිල්ලන් (Star Fish) විශේෂයක් නැගෙනහිර මුහුදේ වර්ධනය වෙමින් පවතින බවත්,ඔවුන් නිකුත් කරන එන්සයිමයක් හේතුවෙන් කොරල්පරවල ජීවී ගුණය විනාශ වී යන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම ජීවී විශේෂය සම්බන්ධයෙන් වූ අධ්‍යයනයක් නාවික හමුදාවේද සහාය ඇතිව වහාම සිදු කරන ලෙසට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නාරා ආයතනයහා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය වෙත නියෝග කර ඇති බවයි.
පසැඟිල්ලන් විශේෂ මුහුදේ බහුලව දක්නට ලැබුණද මෙම පසැඟිල්ලන් විශේෂය කොරල්පර ආශ්‍රිතව ජීවත් වන බවත්,ඔවුන්ගෙන් නිකුත් කෙරෙන මෙම එන්සයිමය හේතුවෙන් ඉතා කෙටි කලකදී කොරල්පර මැරී ජලයට දියව යන බවත් පැවසෙයි.
අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටින්නේ මෙම පසැඟිල්ලන් විශේෂය දශක කිහිපයකට පෙරද වර්ධනය වීමක් සිදුවූ අතර, පසුව එම තත්ත්වය මර්දනය කිරීමට පියවර ගෙන තිබූ බවයි.