බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පත්කර තිබෙන ජනාධිපති කොමිසමට සාක්ෂි දීමට නොහැකි බවට සඳහන් කරන පුද්ගලයන්ට අධිකරණයේදී සියලුමදේ වෙනුවෙන් සාක්ෂි දීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා සඳහන් කළේය.
කොමිසමේ කටයුතු අවසන් වීමෙන් පසු අදාළ වාර්තාව මූලික කරගෙන නීතිපති දෙපාර්තමේන්තුව මගින් නඩු පැවරීම සිදුවන බවද ඒ මහතා පවසා සිටියේය.
කොමිසමේදී සාක්ෂි ලබාදීමට නොහැකි බවට ප්‍රකාශ කිරීමෙන්ම එතන ප්‍රශ්නයක් තිබෙන බවට පැහැදිලි වන බවද අද (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.