ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද ප.ව. 3.00 ට කථානායක කරු ජයසූරිය මහතා ප්‍රධානත්වයෙන් රැස්වූ බවත් එහිදී කොමිසන් සභා පහක් සඳහා සාමාජිකයන් නම් කරන එම නම් ජනපතිවරායාගේ නිර්දේශ සඳහා යොමුකළ බවත් කතානායක කාර්යාලය පවසයි.
සීමා නිර්ණය කොමිසන් සභාව, මුදල් කොමිසන් සභාව, විගණන සේවා කොමිසන් සභාව, මැතිවරණ කොමිසන් සභාව හා ජාතික ප්‍රසම්පාදන කොමිසන් සභාව සඳහා මෙසේ සාමාජිකයන් නම් කොට තිබේ.
එසේම මානව හිමිකම් කොමිසන් සභාවෙන් ඉල්ලා අස්වූ සාමාජිකයා වෙනුවෙන් නව සාමාජිකයෙකුගේ නමද නිර්දේශ කළ අතර, එය ද අනුමැතිය සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කළ බව කතානායකවරයා පවසයි.