කොටහේන පොලිස් වසමේ, පරමානන්ද මාවතේදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර තුවාලකරු ඔහුට අයත් ත්රි රෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක සිටියදි මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.