රෝහලෙන් පැන ගියේ රු.4500 ක් ලබාදීලා
ආගමන විගමන නිලධාරී රු. ලක්ෂයක් අරන්
හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි ජාවාරම්කරුවෙකු වන දේවගේ තුසිත චාමර නොහොත් නිලාන් නැමැත්තාට රෝහල තුළදී පැනයාමට ඉඩ සලසා දුන් බන්ධනාගාර නියාමකවරයා සහ මෙරටින් විදේශ ගතවීමට අවශ්‍ය කටයුතු සකස් කළ ආගමන විගමන බලලත් නිලධාරියෙකු පොලිස් ත්‍රස්ත කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.