කිරිපිටි කිලෝවක මිල රුපියල් 75කින් සහ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245 පමණ ඉදිරි දින කීපයේදී වැඩිවීමට ඉඩ තිබෙන බව රජයේ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
දැනට ලන්ඩන් නුවර සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දිවයිනට ළඟාවීමෙන් පසුව කිරිපිටි සහ ගෑස් මිල ඉහළයාම පිළිබඳ තිරණය ගන්නා බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
ලෝක වෙළෙඳපොළේ කිරිපිටි සහ ගෑස් මිල වැඩිවී තිබීම හේතුවෙන් මෙරට කිරිපිටි සහ ගෑස් සමාගම් මිල වැඩිකිරීම සඳහා ජීවන වියදම් පිළිබඳ කමිටුවෙන් සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබුණි.
ඒ අනුව කිරිපිටි කිලෝවක මිල රුපියල් 100 කින් හා ගෘහස්ථ ගෑස් සිල්න්ඩරයක මිල රුපියල් 275කින් වැඩි කිරීමට අවසර ඉල්ලා තිබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.
දැනට කිලෝග්රෑම් 12.5 ප්රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1431ක් (කොළඹ මිල) වන අතර කිරිපිටි කිලෝවක මිල රුපියල් 810කි.
මහින්ද නිශ්ශංක (ඉරිදා ලංකාදීප)