කිරිපිටි ආනයනය කරන සමාගමක් විසින් මෙරටට ආනයනය කරනු ලැබූ කිරිපිටි මෙට්‍රික් ටොන් 130 ක් විනාශ කිරීම සඳහා එම සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසර ඉල්ලා තිබේ.
2013 වසරේ ජූලි මසට පෙර අදාළ සමාගම විසින් මෙම කිරිපිටි සියල්ල ඉතා කුඩා තොග වශයෙන් ගෙන්වා ඇති නිසාත්, ඒවා DCD පරීක්ෂණයට ලක් කිරීමට ආර්ථිකමය වශයෙන් ලාභදායී නොවන බවත් සඳහන් කරමින් කිරිපිටි තොගය විනාශ කිරීමට සමාගම අවසර ඉල්ලා තිබේ.