මහජනතාවගේ ගෞරවය සමග අවසන් ගමන් ගිය කිඹුලෙක් පිළිබඳව තොරතුරු ඉන්දියාවෙන් වාර්තා වෙයි.
අවුරුදු 130ක් පමණ වන මීටර් 3ක් දිග ගංඟානම් කිඹුලා කිසිම දිනයක මිනිසුන් වෙත අනතුරක් කර නොමැති හෙයින් ජනතාව මෙම කිඹුලාට ආදරය දක්වා තිබේ.
කිඹුලා අසළ කුඩා ළමුන් පිහිනන විට එම ප්ර දේශයෙන් ඉවත් වීමට කිඹුලා කටයුතු කර තිබේ.
කිඹුලාගේ ආහාරය වී ඇත්තේ පරිප්පු හා බත්ය. ගම්මුන් විසින් කිඹුලාට මෙම ආහාර ලබාදි තිබේ.
කිඹුලාගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවට ගම්මුන් 500ක් පමණ එක්ව තිබේ.