කැළි කසළ එකතු කිරීම හා ප්‍රතිචක්‍රිකරණය කිරීමේ වැඩපිළිවෙළවල් මේ වනවිට අඩපණ වෙමින් ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
ඩෙංගු උවදුර වේගයෙන් පැතිර යන විට,හකුණු කඳු කඩාවැටෙන විට සහ ගිනිගැනීම්වලට ලක්වන විට කැළි කසළ එකතු කිරීම, විධිමත් ලෙස බැහැර කිරීම, ප්‍රතිචක්‍රිකරණය කිරීම සහ දිරාපත්වන ද්‍රව්‍ය නිෂ්පාදනය ගැන රටතුළ විශාල කතාබහක් ඇතිවන බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.
එහෙත් මේවනවිට එම වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක නොවන තත්ත්වයකට පත්ව තිබෙන බවත්, මේ නිසා කැළි කසළ සම්බන්ධයෙන් රට තුළ ක්‍රියාත්මක වන ජාතික වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.
ලංකාව තුළ බැහැර කරන කැළි කසළවලින් 50%කට වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ හිස් ප්ලාස්ටික් බෝතල් බවත්, මේ නිසා නිෂ්පාදකයන් හරහා එම බෝතල් ප්රතිචක්රිකරණ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත්ඒ මහතා පවසා සිටියේය.
සිසිල් බීම හා පානීය ජල බෝතල් නිපදවන පිරිස් අධික ලාභයක් ලබමින් සිටින බවත්, මේ නිසා අදාළ සමාගම් ප්රතිචක්රිකරණ කටයුතු සිදු කළ යුතු ආකාරයට නීති සකස් කළ යුතු බවත් හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.
දිරාපත්වන ලන්ච් ෂීට් සහ ෂොපින් බෑග් හඳුන්වා දෙන බව කියමින් විශාල මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වුවද, දිරාපත් නොවන ද්‍රව්‍ය විශාල ලෙස රට තුළ භාවිත කරන බවත්, මේ නිසාමෙම ද්‍රව්‍යවලට අමුද්‍රව්‍ය ගෙන්වීමේදී හා නිමි ද්‍රව්‍ය ගෙන්වන්නේ නම් ඒවා පිළිබඳ වරාය තුළදීම විධිමත් පරීක්ෂාවක් සිදුකළ යුතු බවද ඔහු පවසා සිටියේය.
කැළි කසළ එකතු කිරීමට විධිමත් වැඩපිළිවෙළක් නොමැති නිසා මේ වනවිට තැන තැන කැළි කසළ දැකගැනීමට හැකියාව තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
කැළි කසළ ප්රශ්නය සේම විදුලි උපකරණවල කැඩීගිය කොටස් හා ජංගම දුරකථන සඳහා භාවිත කර ඉවතලන බැටරි පවා අවිධිමත් ලෙස පරිසරයට මුදාහැරීම සිදුවන බවත්, මේ හරහා නොපෙනෙන පරිසර හානියක් සිදුවන බවත් හෙතෙම සඳහන් කළේය.