උතුරුදිග කැලිෆෝනියාවේ රික්ටර් මාපාංක 6.0ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
එරට වේලාවෙන් අලුයම 3.20ට පමණ මෙම භූකම්පනය ඇතිවී තිබෙන අතර, පොළව අභ්‍යන්තරයේ සැතපුම් 6.7ක් ගැඹුරින් මෙය සිදුව තිබේ.
කෙසේ වෙතත්, භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපොළ හානි පිළිබඳ තවම වාර්තා නොවෙයි.
මෙම ප්‍රදේශය සැන් ෆ්රැන්සෙස්කෝ නුවරට සැතපුම් 30ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයක් වන බවත්, මේ සමග ඇතිවූ ප්‍රබල කම්පනයෙන් වැඩි දෙනෙකු අවදි වී ඇති බවත් පැවසෙයි.