අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන රජයේ අමාත්‍යධුර ලබාගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ මෙන්ම ආණ්ඩුවේ සිට ස්වාධින වූ කණ්ඩායම් අකමැත්ත ප්‍රකාශ කර තිබේ.
මේ අනුව නව අමාත්‍ය මණ්ඩලය රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් පමණක් සමන්විත වනු ඇත.
එහිදී හෙට දිනයේදී සීමිත අමාත්‍යවරුන් ප්‍රමාණයක් දිවුරුම්දිමට තිරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට හා අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑම වෙනුවෙන් මෙසේ සීමිත කැබිනට් මණ්ඩලයක් නම්කරනු ඇත.
එහිදි දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග හා කාංචන විජේසේකර යන මහත්වරුන් කලින් දිවුරුම් දුන් අමාත්‍යධුරවලම යළිත් දිවුරුම්දීමට නියමිත බවද වාර්තා වෙයි.
ජනපති හා අගමැති දරණ අමාත්‍යධුර සංඛ්‍යාවත් සමගින් සමස්ත කැබිනට් මණ්ඩලය අමාත්‍යධුර 20ක සීමාවක පවත්වාගැනිමටද අවධානය යොමුව තිබේ.