වැසි සමග තද සුළං සහ අකුණු ඇතිවන නිසා සුළං සහ අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන වැසි තත්ත්වය නිසා කඳු නායයාමේ අවදානමක් මතුව ඇති බැවින් කෑගල්ල දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාවට ඒ පිළිබඳව සැලකිලිමත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඊයේ (25දා) සවස 5.00 සිට ඉදිරි පැය 24 ක කාලය දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල්කුමාර මහතා සඳහන් කළේය.
මීට අමතරව හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු තීරයන්වල වැසි සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි නිසා ඒ පිළිබඳව ධීවර ජනතාව සැලකිලිමත්වන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යේ නියුක්ත කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල මහත්මිය සඳහන් කළාය.
සෙසු මුහුදු ප්‍ර‘දේශවලත් විටින් විට වැසි ඇතිවන බවත්, මීට අමතරව සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 20 ත් 30 ත් අතර පවතින බවද ඇය පැවසුවාය.