රටේ බහුතර ජනතාව නියෝජනය කරන කාන්තා පරපුර දැනුමෙන් ශක්තිමත් කිරීම තුලින් රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කල හැකි බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. ලියදිරිය කාන්තා වැඩසටහනේ පළමු වාර්ෂික සංවත්සරයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ “ලියදිරිය” වැඩසටහන තමන් විසින් හඳුන්වාදෙනු ලැබුවේ කාන්තා පරපුරේ ආර්ථික සුරක්ෂිතභාවය ඉලක්ක කරගෙන බවයි.
බියගම විලේජ් හෝටලයේ ඉකුත්දා පැවති එම උත්සවයේදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පෙන්වා දුන්නේ දියුණු වූ සෑම රටක්ම සංවර්ධන ක්‍රියාවලියට කාන්තාවන් වැඩි වශයෙන් දායක කරගත් බවයි. රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට යාමට නම් නව දැනුමෙන් සහ තාක්ෂණයෙන් රටේ සියළු කාන්තාවන් දැනුවත් කල යුතු බවද ඒ මහතා එහිදී පැවසීය.
සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කරගනිමින් නව තාක්ෂණය ඔස්සේ නව නිපැයුම් නිෂ්පාදනය කිරීම දක්වා සැලසුම් සකස් කර ගැනීම වැදගත් වන බවද ඒ මහතා වැඩි දුරටත් එහිදී පෙන්වා දුන්නේය. මෙහිදී “ලියදිරිය” ග්‍රාමීය සමිති 35ක් වෙත මුදල් තැන්පතු පිරිණැමීම සිදුවූ අතර , ලියදිරිය වැඩසටහන ප්‍රවර්ධනය කිරීමට කැපවූ ක්‍රියාකාරීන් වෙත අමාත්‍යවරයා අතින් විශේෂ සමරු තිළිණ ද ප්‍රධානය කෙරිණ.