ජාති, ආගම්, භාෂා, කුල, වර්ණ බේද නොමැති ක්‍රීඩාපිටිය සංහිඳියාවේ කේන්ද්‍රස්ථානයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සංහිඳියාව වචනයට සීමා නොකර ක්‍රියාත්මක මට්ටමට ගෙන ඒම සඳහා පසුගිය වසර එක හමාර තුළ රජය උපරිම කැපවීමකින් කටයුතු කළ බවය.
රටේ ජනතාව අතර සාමය, සමගිය, සහෝදරත්වය සහ විශ්වාසය ගොඩනගමින් රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළේදී ක්‍රීඩා ක්ෂේත්රයෙන් ලබාදිය හැකි දායකත්වය ඉතා ඉහළ බවද ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශකළේය.
ඒ අනුව දිවයිනේ පළාත් නවයේම නාගරික මෙන්ම ගම්බද ක්‍රීඩාපිටි වැඩිදියුණු කරමින් ඒවා සියල්ල ජනතාව අතර සංහිඳියාව ගොඩනගන කේන්ද්‍රස්ථාන බවට පත් කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
අද (15දා) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති ක්‍රීඩා තරු ක්‍රීඩා උළෙල 2016 සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේබව ප්‍රකාශකළේය.
දිවයිනේ පළාත් 09 ම නියෝජනය කරන ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩා නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම ක්‍රීඩා තරු ක්‍රීඩා උළෙල පැවැත්විණ . සිය සේවා කාලය තුළ විශිෂ්ටතා දැක්වූ විශ්‍රාමික ක්‍රීඩා නිලධාරින් 10 දෙනෙකුට සම්මාන ලබාදීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.