කළුතර ප්රදේශ ගණනාවක නළ ජලයට ලුණු මිශ්ර ජලය එකත්වීම නිසා බවුසර් 12 යොදාගෙන ජනතාවට නොමිලේ ජලය ලබාදෙන බව කළුතර ජලසම්පාදන ප්රා‘දේශිකයේ කළමනාකරු එල්.සී. සමරනායක මහතා සඳහන් කළේය.
මේ අනුව දිනකට ජලය ලීටර ලක්ෂ දෙකහමාරක් බෙදාහැරීමට කටයුතු කරන බවත් මෙහිදී තාවකාලික ජල ටැංකි 300ක්ද ස්ථාපිත කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
කළුගගේ ජලයට මුහුදු ජලය එකතු වීම නිසා නළ ජලයට මුහුදු වතුර මිශ්රවී ඇති අතර, මේ නිසා ප්රා‘දේශීය ලේකම් කොට්ඨාස 05ක පවුල් 42527කට අයත් පුද්ගලයන් 208139ක් පීඩාවට පත්ව තිබේ.