රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක රුපියල් මිලියන 21ක මාසික කුලියක් ගෙවමින් පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය අද පෙරවරුවේ නැවතත් ගොවිජන මන්දිරය වෙත රැගෙන ගියේය.
ඒ කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මීට පෙර මේ මාසයේ 23 දා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයට රැගෙන ගියේය.