ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ්-19 වසංගතය පිළිබඳ සටහන් කිහිපයක් ඊයේ දිනයේදී ඊජිප්තුවේ මහා පිරමීඩ මත ඩිජිටල් තාක්ෂණය ආධාරයෙන් සටහන් කෙරුණු බව වාර්තා වෙයි. ඊජිප්තුවේ සංචාරක සහ පුරාවස්තු පිළිබඳ අමාතය ඛලීඩ් අල් - අනානිගේ මූලිකත්වයෙන් මෙම කටයුතු සිදුව තිබේ.
එහිදී කෝවිඩ් - 19 වසංගතයෙන් වෙතින් ආරක්ෂාවීම සඳහා %සුරක්ෂිතව නිවෙස්වලට වී සිටින්න^ ලෙස ජනතාවට දැනුවත් කරමින් සහ එම වෛරසයට එරෙහිව සටන්වදින පිරිස් ධෛර්යමත් කිරීම සඳහා %හැම එකාවන්ව^ හා %අපව ආරක්ෂා කිරීම ගැන ස්තූතියි^ යනුවෙන් සටහන් එහි ඇතුළත් කර තිබුණි.
මෙම කෝවිඩ් - 19 වෛසරය හේතුවෙන් ඊජිප්තුවේ සංචාරක කර්මාන්තය වෙත දැඩි හානි සිදුව ඇත. ඒ අනුව මෙම කටයුත්තට සමගාමීව ඊජිප්තුව මේ වනවිටත් සිය පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් පරිශ්‍ර සහ කෞතුකාගාර පුරා විෂබීජහරණ දියර ඉසීම් සිදු කර තිබේ.
මේ දක්වා ඊජිප්තුව තුළ කෝවිඩ් - 19 ආසාදිතයන් 656ක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්යෙව 41 කි. එසේම වෛරසය ආසාදනය වූවන්ගෙන් 150 දෙනෙකු සුව අතට පත්ව තිබේ.
මෙලෙස ජනතාව දැනුවත් කිරීම සඳහා සහ සෞඛ්‍ය අංශ ධෛර්යමත් කිරීම සඳහා ඊජිප්තුව ගත් පියවර මෙම අවස්ථාවට අනුව ගනු ලැබූ ඉතාමත් වැදගත් කටයුත්තක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පවසා සිටියි.