ශ්රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු රොමේෂ් කලුවිතාරණ පපුවේ හටගත් වේදනාවක් හේතුවෙන් සුරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ සිට කොළඹට ගෙනත් ඇත.
ගුවන් හමුදාවේ හෙලිකොප්ටර්යානකින් ඔහුව කොළඹට ගෙනත් තිබෙන්නේ හදිසි පරීක්ෂණ කිහිපක් සඳහා බව ක්රිකට් ආයතනයේ ප්රකාශකයෙකු කීවේය.