යාපනය, තොන්නමන්නාරු, ප්‍රදේශයේ සඟවා තිබූ රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 110ක් සමඟ පුද්ගලයකු අද(06) අත්අඩංගුවට ගත් බව යාපනය සංගානෙයි සුරාබදු කාර්යාලය පවසයි. නාවික හමුදාව හාසංගානෙයි සුරාබදු කාර්යාල නිලධාරීන් ඒකාබද්දව සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකරු විසින් අදාල කෙරල ගංජා තොගය මුහුදු වෙරල ප්‍රදේශයේ සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කේරළ ගංජා තොගය කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම්කර තිබූ බවත් සැකකරු විසින් දීර්ඝ කාලයක සිට ධීවර බෝට්ටු මගින් ඉන්දියාවේ සිට කේරළ ගංජා රැගෙනවිත් රහසිගත ලෙස කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු අනාවරනය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු යාපනය පලාලි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු ප්‍රදේශයේ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවටත් මීට ඉහතදී ඔහු කේරළ ගංජා කිලෝ 120 සමඟ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයන්හි නඩු පවතින පුද්ගලයකු බවද අනාවරනය වී ඇත.
වවුනියාව මධුෂංඛ අමරසිංහ