2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය මුදලට පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ පැමිණිල්ල අනුව සිදුකළ විමර්ශනයට අදාළ වාර්තාව වැඩබලන පොලිස්පතිවරයාට ලබාදීමට එම ඒකකය කටයුතු කර තිබේ.
ඒ අනුව එම තරගාවලියේදී තරග පාවාදීමක් සිදුව ඇති බවට තහවුරු කිරිම සඳහා සාක්ෂියක් ඉදිරිපත්ව නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.
මෙම විමර්ශනයට අදාළව අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කාර හා උපුල් තරංග යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.