ගාමීණී ජයවික්රම පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති තනතුරට කබීර් හෂීම් මහතා පත්කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන අතර, මීට අමතරව එක්සත් ජාතික පක්ෂ මහලේකම් ලෙස තිස්ස අත්තනායක මහතාත්, ජාතික සංවිධායක ලෙස දයා ගමගේ මහතාත් පත් කිරීමට නායකත්ව මණ්ඩලය පියවර ගෙන ඇත.
එහෙත් එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වී තිබෙන භාණ්ඩාගාරික තනතුරට පුද්ගලයෙකු පත් කිරීමට කටයුතු නොකිරීම නිසා තවදුරටත් එම තනතුර පුරප්පාඩු තනතුරක් ලෙස පවතී.