පාර්ලිමේන්තු පොදු ව්‍යාපාරක කාරක සභාවේ සභාපතිත්වයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පත්කර තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වූ එම කාරක සභාවේ සාමාජිකයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සභාපතිවරයා පත් කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහත්ගේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අශේක් අබේසිංහ මහතා විසින් ස්ථීර කරන ලදි.
රාජ්‍ය සංස්ථා සහ මුළුමනින්ම හෝ කොටසක් ආණ්ඩුව විසින් අරමුදල් සපයනු ලබන ආයතනයල ගිණුම් සහ යම් ලිඛිත නීතියක් මගින් ආණ්ඩුව වෙත පවරා ගන්නා ලද යම් ව්‍යාපාරයක් හෝ වෙනත් පැවරීමක් සම්බන්ධව පාර්ලිමේන්තුව ඉදිරියේ තබනු ලබන ගිණුම් විගණකාධිපතිවරයාගේ සහය ඇතිව පරීක්ෂා කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාර්ය වේ.