කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ මා ඔය ඉවුරේ උණ පඳුරක් අසල තිබී පුද්ගල මළ සිරුරක් අද (13) වන දා සොයාගත් බව වරකාපොළ පොලීසිය කියයි .
මෙලෙස මියගොස් සිටි පුද්ගලයා සන්තකයේ තිබී පන්විල පොලිස් වසමේ අංක (160) ,අරත්තන උඩුගම ලිපිනයේ පදිංචි උඩගම පල්ලෙගෙදර ප්‍රියන්ත උඩගම (43) යනුවෙන් නම සඳහන් හැදුනුම්පතක් හමුවූ බව පොලිසිය පවසයි.
ජාඇල ප්‍රදේශයේ සිට ලොරි රථයකින් කුරුණෑගල දෙසට ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තුල්හිරිය ප්‍රදේශයේදී ලොරි රථය නවතා ශාරීරික අවශ්‍යතාවක් සඳහා මාර්ගය අයිනට ගිය අවස්ථාවේදී කිසියම් පුද්ගලයකු ඒ අසල ඇති උණ පඳුර අසල මියගොස් සිටින බව දැක මාර්ගය අයිනට පැමිණ රථවාහන රාජකාරියේ යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරිමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබිණ.
මිය ගිය පුද්ගලයාගේ බිරිඳ විසින් සිය සැමියා දැනට මාස තුනක පමණ කාලයක පටන් නිවසට නොපැමිණි බවත් දැනට සති දෙකකට පමණ ඉහතදී දුරකථනයෙන් තමාට කතා කළ බවත් 2021.10.13 වන දින ඇය විසින් පන්විල පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් බවද පොලිසිය පවසයි .
මියගිය අයගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා කෑගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරී තුමා වෙත ඉදිරිපත් කෙරිණ . මෙම මළ සිරුරේ නාසය හා කට ටේප්වලින් ඔතා තිබුණි.