කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි, පැමිණීමේ පර්යන්තය තුළ මුදල් හුවමාරු කවුළු පහක් පවත්වාගෙ යෑමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී, සම්පත් බැංකුව පීඑල්සී, තෝමස් කුක් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, ලංකා බැංකුව සහ මහජන බැංකුව යන මූල්‍ය ආයතන සඳහා ඒ සඳහා අවසර ලබාදී තිබේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි, ශ්‍රී ලංකා රේගුව පවත්වාගෙන යනු ලබන ප්‍ර‘දේශයට එපිටින් පිහිටා ඇති පැමිණීමේ පර්යන්තය තුළ මෙම මුදල් හුවමාරු කවුළු ආරම්භ කිරීමට නියමිතය.
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.