කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තය සඳහා පහසුවෙන් පිවිසීමට රුපියල් මිලියන 600ක ඇස්තමේන්තුවකට යටත්ව නව ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමට හා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සීමා සහිත ගුවන්තොටුපොළ හා ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමෙන් සලසා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණෙන හා පිටවන මගීන් සංඛ්‍යාව අධික වීම හේතුවෙන් කාර්ය බහුල වෙලාවන්හිදී ගුවන්තොටුපොළට ප්‍රවේශ වන මාර්ගයේ අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස ආයෝජන මණ්ඩලය හා මිනුවන්ගොඩ මාර්ගයේ සිට ද්විත්ව මංතීරු මාර්ග දෙකක් ඇතුළත් වෙනම ගුවන්තොටුපොළ ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
මේ පිළිබඳ යෝජනාව ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් පෙරේදා (05දා) සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.