කෙක්කෙන් කඩන්න ඕන නැ අතින් කඩන්න පුළුවන් කම තියෙද්දී යැයි හිටපු ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
හිටපු ආණ්ඩුකාරවරයා මේ බව පවසා සිටියේ දෙනියාය ප්‍රදේශයේ දී පැවති ජන හමුවකට එක්වෙමින්ය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ආණ්ඩුකාරවරයා,
ඩි.එස් සේනානායක මහතා ආරම්භ කරපු ඒ විරාජමාන පක්ෂය අද කැලි කැලි වලට කැඩිලා උන් උන්ම කොටාගන්නවා. හෙන ගහලා විනාශ වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂයට එකතුවෙනවට වැඩිය ජයග්රාහි දිගු ගමනක, සංවර්ධනය ගමනක යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවෙලා මේ ගමන යන්නට උදව් කරන්න කියලා ඔබ සියපු දෙනාගෙන් එල්ල සිටිනවා.
දැන් කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයා එයට පුළුවන්ලු ගෝඨාභය මහත්තයා එක්ක එකතු වෙලා වැඩ කරන්න. එහෙමනම් අපි මොකටද සජිත් මහත්තයා හරහා ගෝඨාභය මහත්තයා ගාවට යන්නේ .සජිත් මහත්තයා උත්සහා කරන්නේ ගෝඨාභය මහත්තයට සහයෝගය දෙන්න නම් "කෙක්කෙන් කඩන්න ඕන නැනේ අතින් කඩන්න පුළුවන් කම තියෙද්දී" අපි කාගෙවත් ඇගේ එල්ලිලා ගිහිල්ලා සජිත් මහත්තයාගේ පිටිපස්සේ ගිහින් ගෝඨාභය මහත්තයාගෙන් එල්ලන්න ඕන නැ.අපි කෙලින්ම එම පක්ෂයේ කදේ අත්තක එල්ලෙන්නේ නැතුව මහා කද බදා ගමු .මහා ගමනකට අපි එකතුවෙමු. ඒ මහා ගංගාවේ සාර්ථක ජයග්රාහි කොටස් කරුවෙකු බවට පත්වෙන්න ඔබ සියපු දෙනාම ඒකරාශී විය යුතුයි කියලයි මම ඔබෙන් ඉල්ලා සිටින්නේ යනුවෙන් එම මහතා පැමිණ සිටි ජනතාවට පැවසිය.