මෙවර ජනපතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩි ඡන්ද ලක්ෂයකින් හංසයා ලකුණ ජයග්‍රහණය කරන බවත් රටේ ජනපති ලෙස අනිවාර්යයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරන බවත් හිටපු අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ අංක 630 ලිපිනයේ පිහිටි දුමින්ද දිසානායක මහතාගේ නිවසේදී පොදු විපක්ෂයේ පක්ෂ කාර්යාලය ඊයේ (13දා) විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
"රටේ ජනාධිපති ලෙස නියත වශයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කරනවා. පසුගිය ජනාධිපතිවරණයේදී බර්ටි දිසානායක මැතිතුමා කැපවෙලා අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩි ජන්ද එක් ලක්ෂ පනස් දහසකින් ජයග්‍රහණය කළා.
මේ මැතිවරණයෙදී හංසයා ලකුණ වැඩි ජන්ද ලක්ෂයකින් ජයග්‍රහණය කරනවා. ඒ ගමනට අපි සූදානම්.මොන බලවේග ආවත් ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි අනුරාධපුරයෙන් ලෑස්තියි කියලත් මතක් කරනවා." යැයි මන්ත්‍රීවරයා පැවසීය.