එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 27 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට සහාය දක්වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙබණ්ඩාර මහතා පැවැසිය.
ආණමඩුවේදී ඊයේ (26දා) පැවැති පළාත් පාලන ආයතන සභිකයන්ගේ දිවුරුම් දීමේ උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම මන්ත්‍රීවරුන් 27 දෙනා විශ්වාසභංගයට පක්ෂය ඡන්දය භාවිත කිරිම හෝ ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුවෙන් ඉවත්ව යනු ඇතැයිද ඔහු සඳහන් කළේය.