එක්සත් ජාතික පක්ෂයේ මහ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය මෙම ඉරිදා (28දා) කොළඹදී ආරම්භ කෙරේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ප්‍රථමයෙන් නූතන තාක්ෂණය හා දියුණු සන්නිවේදන ක්‍රම භාවිත කරමින් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමග දිස්ත්‍රික්ක සහ මැතිවරණ කොට්ඨාස මට්ටමින්ද ලබන මස හතර වැනිදා සිට පක්ෂයේ ප්රචාරක කටයුතු මෙහෙය වීමට නියමිතය.
මෙම මහජන රැස්වීම්වලට සහභාගි කරගන්නා සංඛ්‍යාව රජයේ නිරෝධායන නීතිවලට ගරු කරමින් සිදු කරන ලෙසද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ ව්‍යාපාරය ඇරඹීමට පෙර බෞද්ධ ඇතුළු සර්ව ආගමික නායකයන් හමු වී ආශීර්වාද ලබා ගැනීමටද තීරණය කර ඇති අතර, මේ වන විටත් බෞද්ධ නායකයන් බැහැදැකීම ආරම්භ කර ඇත.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන්ද බෙල්ලන්විල රජ මහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නා හිමියන්ද, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්තුමන්ද බැහැ දැක ආශීර්වාද ලබාගත්තේය.