අද පස්වරුවේ රැස්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී පෙරේරා මහතා හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉවත්කර තිබේ.
මේ සම්බන්ධයෙන් අජිත් පී පෙරේරා මහතාට හා සරත් ෆොන්සේකා මහතාට සමීප පාර්ශ්වවලින් විමසා සිටි අවස්ථාවේදී ඔවුන් සඳහන් කළේ අද පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එක්වන ලෙස ඔවුන් දෙදෙනාට ආරාධනා කර නොමැති බවයි.
එසේම මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු සඳහන් කළේ මේ දක්වා පත්කර ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එක් පිරිසක් බවයි. ඉතරි කොටස ඉදිරියේදී පත්කරන බවත් ඔහු සඳහන් කළේය.