ඌව පළාත් සභා මැතිවරණයට අදාළව තැපැල් ජන්ද පත්රිකා බෙදා හැරීම සඳහා තැපෑලට භාරදීම අද දිනයේදී සිදුකෙරෙන බව වාර්තා වේ. සැප්තැම්බර් මස 4 සහ 5 යන දෙදින තුළ තැපැල් ජන්දය ප්රකාශ කිරීම සිදුවන අතර එම දින දෙක තුළ තැපැල් ජන්දය ප්රකාශ කිරීමට නොහැකි රාජ්ය සේවකයින් හට ලබන 11 වන දින තම ජන්දය භාවිතා කිරීමට හැකිය. මෙවර බදුල්ල දිස්ත්රික්කයෙන් පුද්ගලයින් 19,985 දෙනෙකු සහ මොණරාගල දිස්ත්රික්කයෙන් පුද්ගලයින් 10,672 තැපැල් ජන්දය ප්රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා ඇත.