ශ්‍රී ලංකාව තුළ උපරිම මට්ටමෙන් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ අප විසින් අපනයනය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර රේගු දිනය වෙනුවෙන් රේගු මූලස්ථානයේදී පැවති සැමරුම් උත්සවය අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අප රට තුළ උපරිම මට්ටමින් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ අප විසින් විදෙස් වෙළෙඳ පොළ සඳහා අපනයනය කළයුතු වෙනවා. එමෙන්ම අප රට තුළ පවතින කර්මාන්ත දියුණු කළ හැකි අමුද්‍රව්‍ය ආනයනය කළ යුතු වෙනවා. අද රටකට අවශ්‍ය භාණ්ඩ සියල්ල එම රට තුළම නිෂ්පාදනය කළ නොහැකියි. අප එලෙස ක්‍රියා කළොත් අපට පොහොසත්වීමට මග පෑදෙනවා” යනුවෙන් පවසා සිටියේය.