Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා
2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වසර 5ක පාලන කාලය තුළ ලෝකයේ පරිසර සම්පත්වලින් අනූන රට, වස විසෙන් තොර ගොවිතැනේ අනන්‍යතාවය, බලශක්ති විභවයන් මත පදනම් වූ රට ශී‍්‍ර ලංකාව වෙනවා දැකීමට හැකි වෙයි කියලා අපි විශ්වාස කරන බවත් එවැනි පුණ්‍ය භූමියක් බිහි කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිහිනය බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
අද ( 16) කොළඹ පැවති වියත්මඟ සාකච්ජාවට එක්වෙමින් රතන හිමියෝ මේ බව පැවසුහ.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රතන හිමියෝ,
අපේ රටේ කඩා වැටුණු සංස්කෘතිය, ජාතික ආරක්ෂාව නැවත තහවුරු කරන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ජනතා ආර්ථිකයක් බව කියලා තියෙනවා. විදේශීය සමාගම්වලට රට, මුහුදු වෙරළ, ගොඩබිම දඩබ්බර ලෙස පවරාදීම වෙනුවට ජනතාව මත පදනම් ජනතා ආර්ථිකයක් සෑදිම කෙරෙහි අවධානය යොමු කිරිමයි ඉන් අදහස් කරන්නේ.
ලෝකේ ලොකුම මුහුදු සිමාවක් හිමි රටවල් අතරින් එකක් අපේ රටත්. එක් පුද්ගලයෙක්ට අක්කර 17ක් මුහුදෙන් හිමියි. අපිට අක්කර ලක්ෂ 50ක් වගාබිම් ලෙස තිබෙනවා. නමුත් ඒ ජනතාව ණය බරින් මිරිකුණු පීඩා විදින අයයි. මේ ජනතාව මුදා ගන්න නම් ඔවුන් මත පදනම් වුණු ආර්ථික ක්‍රමයක් ස්ථාපිත විය යුතුයි. අපිට නිෂ්පාදනය කළ හැකි ගොඩනැගිය හැකි හැම දෙයක්ම අපි අපේ රට තුළ නිපදවා ගැනීමට උත්සාහ කළ යුතුයි. ලෝක ජාවාරම්කාර බලවේග වලට අවශ්‍ය විදියට රට හසුරවන්න දෙනවා වෙනුවට රටේ සැබෑම භූමි පුත්‍රයින් සමඟ, එක්ව සියලූ ජන කණ්ඩායම් ඒකරාශි කරගෙන ජාතික ආර්ථික විප්ලවයක් කි‍්‍රයාත්මක කිරිමයි අපේ අපේක්ෂාව. මේ සඳහා සමුපකාර ව්‍යාපාරය යළි පණ ගැන්වීම අවශ්‍යයි.
70 සමුපකාර ක්‍රමය නෙවෙයි. ඉතාලියේ වයින් නිෂ්පාදනයෙන් 60%ක් කරන්නේ සමුපකාර ව්‍යාපාරයයි. ඉන්දියාවේ ලක්ෂ 35ක් වුණු කිරිගොවි ව්‍යාපාරය, ඇමරිකාවේ ධාන්‍ය නිෂ්පාදනය සමූපකාර ව්‍යාපාරයි. පුද්ගල ව්‍යවසාය වෙනුවට කණ්ඩායම් එක්කර සමාගම් බවට පත් කර ස්වශක්තිය ලබා දෙන ආර්ථික ක්‍රමයක් අවශ්‍යයි. රටේ ව්‍යවසායකයින් එකතු කර අලූත් ශක්තියක් ලබා දීම මගින්, මේ රටේ ආහාර අවශ්‍යතාවයෙන් 100%ක් අපි නිපදවා ගත යුතුයි. ඒ සදහා අපිට සැලැස්මක් තියෙනවා. යෝධ හමුදාව වැනි අපේ තරුණ පරපුර ජව සම්පන්න කර, රටේ ආර්ථික බලවේගය බවට ඔවුන් පත් කිරිමට අපිට සැලැස්මක් තියෙනවා.
මිනිස්සු සහ මහ පොළොව සුරා කෑම වෙනුවට, ගංගා ඇළ දොළ දූෂණය කරනවා වෙනුවට, සතා සිවුපාවාට ජිවත් වීමට ඇති අයිතිය අහිමි කරනවා වෙනුවට, හැමසතා සිවුපාවාටම නිදහසේ ජිවත් විය හැකි, මහ පොළොව දූෂණය නොකරන, ඕනෑම තැනකින් දිය දෝතක් බිමට හැකියාව ඇති තත්ත්වයක් නිර්මාණය කිරිමයි අපි ජනතා ආර්ථිකයක් ලෙස හඳුන්වන්නේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වසර 5ක පාලන කාලය තුළ ලෝකයේ පරිසර සම්පත්වලින් අනූන රට, වස විසෙන් තොර ගොවිතැනේ අනන්‍යතාවය, අපේ බලශක්ති විභවයන් මත පදනම් වූ රට ශී‍්‍ර ලංකාව වෙනවා දැකීමට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. එවැනි පුන්‍ය භූමියක් බිහි කිරිම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිහිනය වන බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.
කෂිනි හපුආරච්චි
popular news
ටි ඉන්දික Wednesday, 16 October 2019 11:43 PM
සිහිනයක් නම් තමයි..
Reply : 1 2
Chathuri Thursday, 17 October 2019 12:29 AM
උතුම් පුණ්‍ය බුමිය කෙසේවෙතත් සොහොන් පිටියක් නම් සහතිකයි හාමුදුරුවන්ගේ. ගෝටාට බැනපු රසවත් කතාවක් තියෙනවා , දැන් ඔය කටින්ම තමයි ගුණ කියන්නේ , මේදා පාර උපවාස නෙමේ කරන්න වෙන්නේ වහ බොන්න
Reply : 4 2
Champa Thursday, 17 October 2019 07:43 AM
විකාර. පුණ්‍ය භූමියක් අලුතින් බිහි කරන්න දෙයක් නැහැ. මේ රට උතුම් පුණ්‍ය භූමියක්. මේ පුණ්‍ය භූමිය විනාශ කරන්න දේශපාලකයෝ සහ ඔබත් දායක වුනා. වස විස නැති ගොවිතැන් ගෝඨාභයගේ agenda එකේ නැහැ. එයා දැනටම කියල ඉවරයි පොහොර නිකම් දෙනවා කියල ඒ කියන්නේ රසායනික පොහොර. ගෝඨාභය බැසිල් පොහොට්ටුව පිටිපැස්සේ ඉන්නේ බහුජාතික සමාගම් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
Reply : 4 8
rocky Thursday, 17 October 2019 08:05 AM
ලසන්ත වික්රමතුංගට , තාජුදීන්ට නිවන් සැප ලැබේවා!! අවස්ථා වාදී කහකඩයන් අපා ගත වේවා!
Reply : 0 2
Deepal Nirosh Thursday, 17 October 2019 08:43 AM
තුන්වෙනි සිහිනය....
Reply : 0 0
සිරිබිරිස් Thursday, 17 October 2019 04:37 PM
තරහා අවසරයි අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ 2015 දී වදාල පරිදි අපිත් වත්මන් ජනපතිට ඡන්දය දුන්නා.ඒ වෙලාවෙත් ඔබ වහන්සේ දේශණාකලෙත් ඔවැනිමදේ තමයි.හාමුදුරුවනේ සංඝයා භේද කිරීම පංචානන්තර්ය පාප කර්මයක් කියල අපි අසාතිබුනත් ජනතාව හෝ සමාජය බේදකිරීමක් ගැන අසා නැහැ.එයත් පවක් වෙන්න ඇති කියල හිතෙනවා.ඒ ගැන මොකුත් දන්නේ නැද්ද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd