කාසල්රි ජල පෝෂක ප්‍රදේශයට සහ නෝටන්බ්‍රිජ් , ලක්ෂපාන යන ප්‍රදේශවලට ඊයේ (12දා) දින රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමන බවත්, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිම සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරිමත් සමග කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.