අම්බලන්තොට, මල්පෙත්තාව ප්රදේශයේ නිවසක වයස අවුරුදු දෙකක පිරිමි දරුවෙකු උගුරැස්ස ගෙඩියක් හිරවීමෙන් මියගොස් තිබේ.
එච්.ජී. කලන චමත්ක නමැති දරුවෙකු මෙසේ මියගොස් ඇත.
මියගිය දරුවා ඔහුගේ සහෝදරයා සමග අද ( 23 දා) උගුරැස්ස කමින් සිටියදී එය හිරවීමෙන් මෙම අනතුරට ලක්වී තිබේ.
එම අවස්ථාවේ ඥාතීන් විසින් ඔහු අම්බලන්තොට රෝහලට ඇතුළත් කොට ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ. අම්බලන්තොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.