ඉතාලියේ සිසිලි දූපත ආසන්නයේ පිහිටා ඇති පනාරෙයා සංචාරක දුපතේ සංචාරක හෝටලයක රැකියාව කරමින් සිටියදි අනතුරකට ලක්වි ඉකුත් 19 දා ශ්‍රිලාංකිකයෙකු මියගොස් ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ රුවන් මනොජ් කුමාර් නැමති 43 හැවිරිදි දෙදරු පියෙකි,ඉතාලියේ සංචාරක සමයත් සමග සය මාසික රැකියාවක් වෙනුවෙන් මියගිය පුද්ගලයා මෙම සංචාරක හෝටලයේ රැකියාවට පැමිණ ඇති බවත් එහි ගොඩනැගිල්ලක ඉනිමගක ආධාරයෙන් තීන්ත ආලේප කරමින් සිටියදි ඇද වැටිමෙන් බරපතල තුවාල ලබා ශ්‍රිලාංකිකයා මියගොස් ඇති බව ඉතාලි මාධ්‍ය පවසයි.
මෙම මරණය යම් රෝගි තත්වයක් නිසා ඇද වැටිමෙන් සිදුවුවක්ද එසේත් නැතිනම් අපරික්ෂාකාරි තත්වය නිසා ඇද වැටිමෙන් සිදු වු මරණයක්ද යන්න සොයා බැලිමට පශ්චාත් මරණ පරික්ෂණය සදහා දේහය පනාරෙයා දූපත ආසන්නයේ පිහිටා ඇති ලිපාරි දූපත් රෝහල් මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති බව ඉතාලි මාධ්‍ය සදහන් කරයි.
මියගිය රුවන් මනෝජ් කුමාර මහතා වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ පදිංව් කරුවෙක් බවත් දේහය මව්බිමට ගෙනඒමට කටයුතු සුදානම් කරමින් තිබෙන බව එම මාධ්‍ය පවසයි.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට