මුදල් අමාත්‍යංශය මඟින් මිල සහනයක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල පවසා සිටියි.
මේ වනවිටත් IOC සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් ඉහළ දමන ලෙස ඉල්ලා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
තෙල් සංස්ථාව ද මිල වැඩි කිරීමක් ඉල්ලා ඇති අතර ඒ අනුව මෙම ඉල්ලීම් සලකා බලමින් සිටින බවත් කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.