ජාතික ඉන්ධන අවසරපත් කිව්. ආර්. ක්‍රමවේදය පමණක් භාවිතා කරන ඉන්ධන පිරවුම්හල් වෙනුවෙන් ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේරක මහතා විසින් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් නියෝජිතයන්ගේ සංගමයට දැනුම් දී තිබේ.
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් නියෝජිතයන්ගේ සංවිධානය සමග ද අද (4දා) උදෑසන සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී ජාතික ඉන්ධන අවසරපත් කිව් ආර් ක්‍රමවේදය පමණක් භාවිතා කරන ඉන්ධන පිරවුම්හල් වෙනුවෙන් ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව බලශක්ති අමාත්‍යවරයා විසින් දැනුවත් කර තිබේ.
තවද ඔවුන් ඉදිරිපත් කල ප්‍රයෝගික ගැටළු සහ ඉදිරියේදී කිව් ආර් ක්‍රමවේදයට රථ වාහන නොවන අවශ්‍යතා ඇතුලත් කිරීම සහ පොලිස් ස්ථාන වෙත ඉන්ධන බෙදා නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.
මේ අතර බලශක්ති අමාත්‍යාංශය විසින් ජාතික ඉන්ධන අවසරපත අනුව කිව්.ආර් ක්‍රමවේදය පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කර තිබේ.
මෙහිදී කඩිනමින් වාහන නොවන අනෙකුත් ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් කිව් ආර් කේත නිකුත් කිරීමට ලියාපදංචි කරවීමට අවශ්‍ය පහසුකම් සැපයීම, එක් දුරකථන අංකයකින් ව්‍යපාර ලියාපදිංචි අංකය මගින් බහු වාහන ලියාපදිංචිය, රජයේ වාහන ලියාපදංචිය වෙනුවෙන් එම ආයතනයට අවේනික ලියාපදංචි අංකයක සමග සියලු වාහන ලියාපදංචි කරවීමට පහසුකම් සැලසීම යන කරුණු පිළිබඳව මූලික අවදානය යොමු කර ඇත.
සංචාරකයන් වෙනුවෙන් ඉන්ධන අවසර පතක් ගුවන් තොටුපලේදී ඩොලර් වලින් මිලදී ගැනීමට පහසුකම් සැපයීම, ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග ස්වයංක්‍රීයව ඒ මොහොතේ යාවත්කාලින වන පහසුකම් සංවර්ධනය කිරීම, අවශ්‍යතාවය අනුව ඉන්ධන කෝටාව වැඩි කිරීමේ පහසුකම් සහ කිව් ආර් කේත නීතිවිරෝධීව සකස් කරන පුද්ගලයන් සහ භාවිතා කරන පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කිරීම පිළිබදව සාකච්ඡා කර ඇත.